Advertise with Googlier.com සුදාරකගේ අන්තර්ජාල සටහන https://blog.sudaraka.com Wed, 24 Sep 2025 04:32:38 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.9.9 40799215 කැනඩා https://blog.sudaraka.com/2025/09/24/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b6%a9%e0%b7%8f/ https://blog.sudaraka.com/2025/09/24/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b6%a9%e0%b7%8f/#comments Wed, 24 Sep 2025 04:32:38 +0000 https://blog.sudaraka.com/?p=5884 මේ දවස්වල ඉන්නෙ කැනඩාවෙ.

NPP එකට ඡන්දෙ දාලා රට දාලා ගියා කියල නේද හිතුවෙ? නෑ නෑ ආයෙ ලංකාවට එනව. පොත් ප්‍රදර්ශනේට යන්නත් එපැයි.

ඉස්සර මට ඇත්තටම උවමනාවක් තිබුනෙ නෑ වෙන රටකට ජීවත් වෙන්න යන්න. ලංකාවෙ ෂේප් එකේ ඉන්න පුලුවන්නෙ කියලයි හිතුවෙ. ඒත් ඇත්තටම රටින් පිටට ගියාට පස්සෙ තේරෙනව ඇයි ලංකාවෙන් වෙනත් රටවලට ගියාට පස්සෙ මිනිස්සු ආයෙමත් ලංකාවෙ පදිංචියට එන්නෙ නැත්තෙ කියල. එහෙම ලංකාව​ට එන අය නැතුව නෙවෙයි. තමන්ගෙ නෑදැයො – දන්න කියන අය එක්ක ලංකාවෙ ඉන්න එක දරුවගෙ හොඳ වෙයි කියල ඕස්ට්‍රේලියාවෙ ඉඳල ලංකාවට ආපු පවුලකට 2019 පාස්කු ප්‍රහාරයේදි වුනේ මොකක්ද කියල මේක කියවන සමහර දෙනෙකුට මතක ඇති.

කැනඩාව ඇත්තටම හොඳ රටක්. එහාපැත්තෙ තියෙන ඇමරිකාව තරම් අප්සට් නෑ. එලියට බැහැල ඇවිද්දොත් විවිධාකාර ජාතීන්වලට අයිති මිනිස්සු ඉන්නවා. ඒක මරු. කැනඩාව තාමත් සංක්‍රමණිකයන්ට හිතවත් රටක්. ඒ වුනාට ඇමරිකාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව වටේ රටවල්වලනං සංක්‍රමණිකයන්ට හඬක් නැගෙමින් තියෙන තත්වයක් තමයි තියෙන්නෙ.

දැං මේ ලියන්නෙ වික්ටෝරියා වල ඉඳගෙන. මට බැන්ෆ්, ටොරොන්ටෝ පැතිවලත් ඇවිදින්න ලැබුනා. බැන්ෆ් පැත්තෙ ඇවිදිද්දි තේරුන දෙයක් තමයි ​මෙහේ රජය – මිනිස්සු සෑහෙන්න උත්සාහ කරනව පරිසරය – පරිසරයටම ආවේණික – ලස්සනෙන්ම තියාගන්න. ඒ වගේම මේ බිම් වල මුල් අයිතිකාරයන්ටත් ලොකු ගෞරවයක් දෙන්න උත්සාහ කරනවා. මේ රට තාම බ්‍රිතාන්‍ය කිරීටයට යටත්. ඒ වුනාට ඒක මෙහේ ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.

කැනඩාවෙ පාන් කෑවට පස්සෙ තමයි මට තේරුනේ ප්‍රංශෙ මාරි ඇන්ටොනට් බිසව “පාං නැත්තං ​කේක් කාපිය” කියල කිව්වෙ ඇයි කියල. ලංකාවෙ සාමාන්‍යයෙන් ගන්න තියෙන පාං වලට වඩා මෙහේ පාං කේක් වගේම මෘදු සහ අලුත්. පැනි රසක් නං නෑ.

ලංකාවට කැනඩාව වගේ වෙන්න ඕනෙ නෑ. ලංකාව කියන්නෙ ලංකාව. ඒ වුනාට මං හිතනවා ලංකාව කැනඩාව වගේ

  • මිනිස්සුන්ගෙ විවිධත්වයට ගරු කරන
  • ආහාර වල ගුණාත්මකභාවය රැකගන්න නීති තියෙන, ඒ නීති ක්‍රියාත්මක කරන
  • පාරෙ පිළිවෙලකට යන්න පුලුවන්

රටක් වෙනවන​ං ඒක හිට්ලර්​ල වගේ නායකයොන්ට බලෙන් මිනිස්සුන්ව හික්මවල කරවන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක කරන්න පුලුවන් ලංකාවෙ මිනිස්සුන්ටම තමයි.

ගිහින් එන්නං!

]]>
https://blog.sudaraka.com/2025/09/24/%e0%b6%9a%e0%b7%90%e0%b6%b1%e0%b6%a9%e0%b7%8f/feed/ 1 5884
2023 මොකද වුනේ? https://blog.sudaraka.com/2024/01/07/2023-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%af-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%9a/ https://blog.sudaraka.com/2024/01/07/2023-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%af-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%9a/#comments Sun, 07 Jan 2024 06:11:21 +0000 https://blog.sudaraka.com/?p=3611 2024ත් වුනා. දැන්නං වයසට ගිහින් කියලමයි හිතෙන්නේ. වයසට යනකොට, වෙනත් වයසට ගියපු අයගෙ ට්‍රැක දැකල බලවෙලා ඉන්නෙ මටත් එහෙම වෙයි කියලා. අන්තිමට ලියපු දවස බැලුව​ම 2023ට මුකුත් ලියලත් නෑ. ඒක ගැන දුකයි.

2023 අවුරුද්දෙ මුල ඉඳලම කර කර හිටපු රස්සාවෙන් අයින් වෙන එක ගැන තමයි හිත හිත හිටියෙ. රස්සාවෙ ප්‍රශ්නයක් නිසා නෙවෙයි, ඇති වගේ කියල හිතුන නිසා සහ ඉක්මනට විශ්‍රාම යන්න පුලුවන්ද කියල අත්හදා බලන්න ඕනෙ වුන නිසා. ඒත් රුපියල එන්න එන්නම බාල්දු වෙන නිසා, විශ්‍රාම යන්න දැම්ම අමාරුයි. ඊට පස්සෙ වැඩක් ​නොකර ඉන්න කම්මැලිත් හිතුනා. ඉතින් මාස 4කට විතර පස්සෙ Supabase (සුපබේස්) සෙට් වුනා. මේක තමයි මං හිතන්නෙ මම අඳුරන අයගෙ Reference එකක් නැතුව සෙට් වුන පළවෙනි job එක. හැබැයි ඒකට Auth0 (ඕත් සීරෝ) එකේ Experience එක උදව් වුනා.

මං හිතාගෙන හිටියෙ 2023 වසර අම්මටසිරිවෙන්න කෙලවෙයි කියල. පැය 24ම කරන්ට් නැතිවෙයි කියල හිතාගෙන Power backup දෙකක්ම අරගත්තා. විදුලියෙන් දුවන කාර් එකකුත් අමාරුවෙන් අරගෙන හිටියෙ තෙල් නැතිවෙයි කියල. පුලුවන් උපරිමයෙන්ම 2022 දි ලෑස්ති වුනේ 2023දි එයි කියල හිතාගෙන හිටපු crisis එකට. හැබැයි රනිලුත් නන්දලාලුයි වැඩේ ගොඩදාගත්ත වගේ හිමීට.

ඒකෙන් කියන්නෙ නෑ දැං අපි ඉන්නෙ crisis එකක නෙවෙයි කියල. නන්දලාල්ම කිව්ව වගේ ආගාධෙට යන ගමන් තිබුන වාහනේ බ්‍රේක් එක ගහල අනිත් පැත්තට හරවගෙන ආයෙ උඩට යන ගමන් ​ඉන්නෙ. ඒ වුනාට බැලුවම පේනවා මිනිස්සුන්ගෙ ක්‍රය ශක්තිය එන්න එන්න අඩුවෙනවා, නොමිලේ ලැබෙ​න සෞඛ්‍ය පහසුකම් දුර්වල වේගෙන යනවා, නොමි​​ලේ අධ්‍යාපනය දුර්වල වේගෙන එනවා වගේ දශක ගණනාවක් ඉස්සරහට බලපාන ගැටලු වලට මුහුන දෙමිනුයි අපි ඉන්නෙ.

මේ අවුරුද්දෙ ලොකු ලොකු දේවල් කරන්න බලාපොරොත්තුවක් නෑ. මේව තමයි Goals.

  • ෆෝන් එකටයි, සමාජ මාධ්‍ය වලටයි තියෙන addiction එක අයින් කරගන්න එක
  • පොත් කියවන්නයි, ලියන්නයි පටන්ගන්න එක
  • PostgreSQL ඉගෙනගන්න එක

මං 2024 අවුරුද්දෙ කරපු පළවෙනි වැඩේ තමයි රහස් කියන කඳු චිත්‍රපටිය බලපු එක. හැබැයි මං ඒක 2023 අවුරුද්දට දාන්න තමයි ආස. ඒ චිත්‍රපටිය ගැන ඊළඟට ලියන්න හිතාගෙන ඉන්නවා.

ඔයාලට 2023දි මොනවද වුනේ? මගෙන් මොනවගේ දේවල්ද දැනගන්න කැමති කියල කියන්නත් අමතක කරන්න එපා!

]]>
https://blog.sudaraka.com/2024/01/07/2023-%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b6%af-%e0%b7%80%e0%b7%94%e0%b6%b1%e0%b7%9a/feed/ 2 3611
ඉදිරියට වෙන්න නියමිත දේවල්, ආර්ථික ප්‍රතිපත්ති ස​හ ​දේශපාලනය. https://blog.sudaraka.com/2022/03/17/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%92%e0%b6%ad-%e0%b6%af%e0%b7%9a%e0%b7%80/ https://blog.sudaraka.com/2022/03/17/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%92%e0%b6%ad-%e0%b6%af%e0%b7%9a%e0%b7%80/#respond Thu, 17 Mar 2022 03:59:38 +0000 https://blog.sudaraka.com/?p=2714 මේක ටිකක් දිගයි. ඒ වුනාට තෙල් පෝලිමක හරි ගෑස් පෝලිමකහරි ඉන්න ගමන් කම්මැලිකමට කියවන්න පුලුවන්වෙයි කියල හිතෙනවා.


රජය Debt restructuring සහ IMF වෙත යන්න එකඟ වුනත්, මූලික ප්‍රතිපත්ති සඳහා එක​ඟ වෙන්න අඩුම තව මාස හයක්වත් යනව. ඉන්දියාවෙන් ටික ටික ඩොලර් (මැරෙන්න ඉන්න ලෙඩෙක්ට වතුර දිදී තියාගන්න වගේ) පොම්ප කරත්, මේ තෙල්, ගෑස් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟකම තවත් වැඩිවෙන එක නතරකරගන්න බැරිවෙනව.


කබ්රාල් හිටු කියල රුපියල් මුද්‍රණය කරා සහ කරමින් ඉන්න​ව. ඒකට හේතුව තමයි රජයේ පඩි ගෙවන්න දැන් භාණ්ඩාගාරයේ මුදල් නැහැ. මේ නිසා තව දුරටත් රුපියල අවප්‍රමාණය වෙන්න ගන්නව. අපි තේරුම්ගන්න ඕනෙ සමස්ත ආර්ථිකය කියන්නෙ පද්ධතියක්. ඒකෙ එක සාධකයක් විතරක් නිදහස් කරල නිකන් බලාගෙන ඉන්න බෑ. ඩොලරයේ අගය වෙළඳපොළ මත තීරණය වෙන්න දෙනව වගේම, රජය තමන්ගෙ ආදායම ඉහළ දමාගන්න වැඩ කරන්න ඕනෙ සහ උද්ධමනය පාලනය කරන්න පියවර ගන්න ඕනෙ.


රජය බදු ඉහළ නොදැම්මොත්, ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නොදැම්මොත් අතිඋද්ධමන තත්වයකට රට යන එක නවත්තන්න සක්කරයටත් බැරිවෙනව.
රජයේ බදු ඉහළ දැමීම හරි ප්‍රතිපත්තියකට කරන්න ඕනෙ. අපි දැක්ක කෝවිඩ් කාලෙ රටේ ධනවත් අය සහ ව්‍යාපාර තවත් ධනවත් වෙනව වුනාට, දුප්පත් අය අන්තම දුප්පත් වෙනව. ඒ කියන්නෙ, මේ මුද්‍රණය කරන සල්ලි ආයෙමත් ගිහින් නතරවෙන්නෙ රටේ මොනොපොලි ඇති කරල තියෙන ව්‍යාපාරිකයො ගාව. එහෙනං වහාම මේ ධනවතුන්ගෙන් සෘජු බදු අයකරන්න ඕනෙ වගේම, පොදු ජනතාවගෙන් බදු අයකිරීම ඔවුන්ගෙ ආදායම් මට්ටම අනුව හරියට කරන්න ඕනෙ.


IMF එනව කියල හරි, ඉන්දියාවෙන් බිලියන එක දෙක එනව කියල හරි මේ ප්‍රශ්නය පටගාල විසඳෙන්නෙ නෑ. IMF එක විසින් ඉල්ලන ප්‍රතිපත්ති වෙනස්කම් කරනවා වගේම, පැත්තකින් ර​ටේ සම්පත් ඉන්දියාවත් එක්ක හුවමාරු කරගන්න වෙන්න. දැන් ​මේ ඉන්දියාවට උදාවෙලා තියෙන්නෙ කල්ල මරේ, කවදාවත් ලැබුනෙ නැති අවස්ථාවක්. ලංකාවෙ තියෙන සම්පත් වලට බොහොම අඩු මුදලකට හිමිකම් කියන්නට ලැබෙන එක චීනෙටවත් නොලැබුනු අවස්ථාවක්.
ඉන්දියාවට මේක හොඳ අවස්ථාවක් වගේම අපිටත් මේක පෙරලුනු පිට හොඳයි කියල ඉන්න වෙන අවස්ථාවක්.


දැන් අපි තේරුම්ගන්න ඕනෙ දේවල් කිහිපයක් තියෙනව. ඒ ටික තේරුම් නොගත්තොත් අපි ආයෙ පස්සටම යන එක නවත්තන්න බෑ.

  • පවතින අර්බුදය විසින් උද්ධච්ඡ ආණ්ඩුව දණගස්සවල නොකර ඉන්නම බැරි ප්‍රතිසංස්කරණවලට යොමු කරමින් ඉන්නව. මේක දීර්ඝ කාලීනව රටට හොඳයි කියලයි මට හිතෙන්නෙ.
  • අපේ රට තමයි ලෝකෙන්ම උතුම්, අපේ රට ස්වයංපෝෂිතයි කියල මායාවෙන් දැන්වත් ගැලවෙන්න ඕනෙ කියන එකත් තේරුම්ගන්න ඕනෙ.
  • මේ අර්බුදය නිර්මාණය වුනේ කිසිම කළමණාකරනයක් නැතුව ණය ගත්ත එකෙන්. ණය ගත්ත විතරක් නෙවෙයි, ඒ ගත්තු ණය වලින් කරපු ව්‍යාපෘති වලින් කොමිස් ගැහුවා, ​හොරකම් කරා, මුදල් නාස්ති කරා, රොකට් යැව්වා, දුවන මංතීරු කැලෑවල්වල හැදුවා වගේ වැඩ කරපු නිසා. ඒක ක​රේ මේ රට රකිනව, මේක අපේ මව්බිම කියල පපුපට ගහගත්තු නායකයො කියන එකත් අමතක කරන්න එපා.
  • තවදුරටත් රජයේ රැකියා ගැන සිහින අමතක කරන්න. රජයේ රැකියාවකනං ඉන්නෙ හොඳට හිතල බලල තමන්ගෙ හැකියාවන් දියුණු කරගන්න උත්සාහ කරල රජයේ රැකියාවකින් අයින් වෙලා වෙනත් දේකට යන්න උත්සාහ කරන්න (ලේසි නෑ).

දැන් දේශපාලනේ…


පහුගිය දවසක සජ​බෙ රැළියෙන් පෙනුනෙ, අඩුගානෙ විපක්ෂ නායකයටවත් මේ අර්බුදය ගැන කිසිම ​තේරුමක් නෑ කියන එක. ඒ වෙලාවෙ කරපු කතාවෙන් මටනං පෙනුනෙ එයා තාම ඉන්නෙ අර හඳෙන් හාල් ගෙනත් දෙන්නං, තුනයි පනහට පාන් දෙන්නං වගේ ළඳරු මානසිකත්වයක. ඒ රැළිය, මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සල, මේ අර්බුදය ඒ මිනිස්සුන්ට කියල දෙන්න පාවිච්චි කරන්න තිබුන හොඳ අවස්ථාවක්. ඒ අවස්ථාව විපක්ෂ නායකයා විසින් “මං පොර” වෙන්න පාවිච්චි කරපු එක හරිම කණගාටුදායක අවස්ථාවක්.


දැන් මේ IMF විසින් ඉල්ලා සිටින ආර්ථික ප්‍රතිසංස්කරණ රටට අත්‍යාවශ්‍යයි. හැබැයි දැන් විරුද්ධවෙලා බලය ගන්​න කෙල හලාගෙන ඉන්න පාර්ශව දෙකක් ඉන්නව. එකක් තමයි විමල්ලගෙ පක්ෂ 11. අනිත් පාර්ෂවය තමයි ජවිපෙ.


IMF ප්‍රතිසංස්කරණ සහ ඉන්දියාවට රටේ සම්පත් විකුණනකොට මෙයාල කිසිම තේරුමක් නැතිව යටිගිරියෙන් කෑ ගහල මිනිස්සුන්ව අවුස්සල බලයට ඇවිත්, මේ ප්‍රතිසංස්කරණ reverse කරල, ඊනියා දේශීය ආර්ථික “මොකක්හරි” කරන්න ගියොත් අපිට ආයෙමත් මේ විෂම දාමයේ හිරවෙන්න සිද්ධ වෙනව. ඒක නිසා මං විශ්වාස කරන විමල්ලට සහ ජාතික චින්තනකාරයෝ ටිකට නැවත බලයට එන්න නොදී තියාගන්න ඕනෙ කියල.


ජවිපෙ නායකත්වය දුන්නත්, NPP එකේ ඇත්තටම හොඳ කණ්ඩායමක් ඉන්නවා කියල මං විශ්වාස කරනව. හැබැයි දැන් NPP එක බලයට එන්න ඕනෙනං, IMF එක සහ ඉන්දියාව එක්ක ඔයිට වඩා සාධනීය විදිහට ගනුදෙනු කරන්න ලෑස්ති වෙන්න ඕනෙ. එහෙම නැතුව එයාලත් ජවිපෙට පුරුදු ප්‍රතිපත්තිවල හිටගෙන IMF එපා, ඉන්දියාව එපා කියල ඡන්දෙට කලින් පිස්සු කෙලියොත් එයාලට බලය ලැබෙනවා වෙනුවට එයාලට වඩා ​​හොඳට ජාතික චින්තනේ වවාගෙන කන විමල්ලගෙ පැත්තට මිනිස්සු හැරෙන්න තියෙනවා.


ඒ වෙනුවට, IMF සහ ඉන්දියාව පිලිබඳ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් රටේ ජනතාවට මේ අර්බුධය ඇත්තටම පැහැදිලි කරන්න හැදුවොත්, NPP එකටත් හොඳ අවස්ථාවක් තියෙනව කියලයි මටනං හිතෙන්නෙ.
මේ අතරෙ තව අලුත් ව්‍යාපාරයකටත් අවස්ථාවක් ලැබෙමිනුයි තියෙන්නෙ. ඒ…. මේ සමාජවාදී, ජතික චින්තනවාදී, මැදමුලනවාදී දේශපාලනයෙන් එහාට… වෙනම ලිබරල් ව්‍යාපාරයකටත් ඉඩක් නිර්මාණයවෙමින් තියෙනව. ඒ අවස්ථාව කවුද ගන්නෙ කියන එක තමයි ප්‍රශ්නෙ.


අපිට මේකෙන් ගැලවෙන්න ඕනෙනං අපි කරන්න ඕනෙ මේව… හැබැයි මතක තියාගන්න ඕනෙ, මේව අද කරා කියල අපිට හෙට සෞභාග්‍ය ලැබෙන්නෙන​ං නෑ. මේ තත්වයෙන් ගොඩ එන්න අවම අවුරුදු පහකුත්, මේකෙන් ගොඩ ගිහින් හොඳ මාවතකට ආවොත්, අපිට ඇත්තටම යහපත් රටක් වෙන්න නොහැකි නෑ.

  • අපි ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕනෙ. ඒකට IMF ප්‍රතිපත්ති කියන්නෙ හොඳ ආරම්භයක්. හැබැයි අපි ඒ මතම යැපෙනවා වෙනුවට ඇත්තම facts සහ දත්ත මත පදනම්වුන ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න දැනුම් තේරුම් තියෙන මිනිස්සුන්ට භාරදෙන්න ඕනෙ.
  • රටේ තියෙන මොනොපොලි ​ටික නැති කරන්න අවශ්‍ය නීති සම්පාදනය කරන්න ඕනෙ. රටේ පාලකයින්ගේ හිතවතුන්ට වරප්‍රසාද ලැබෙන ක්‍රමය වෙනස් කරන්න ඕනෙ.
  • කලින් කිව්ව වගේ රජයේ රැකියා පිළිබඳ මානසිකත්වයෙන් මිදෙන්න ඕනෙ. හැම මනුස්සයෙක්ටම දැන් අන්තර්ජාලය නිසා වෙනද නොතිබුන අධ්‍යාපනික අවස්ථා උදාවෙලා තියෙනව. ඒව ප්‍රයෝජනයට අරගෙන දියුණු වෙන්න මිනිස්සුන්ව පොළඹවන්න ඕනෙ.
  • රාජ්‍ය විශ්ව විද්‍යාල සතුව තියෙන දැනුම වහ වහාම Open Domain කරන්න ඕනෙ. ඒවයෙ තියෙන දැනුම හැමෝටම accessible වෙන්න ඕනෙ.
  • මේ රදලයො ටික ඇත්තටම පන්නල දාන්න ඕනෙ, පුලුවනං හරි විමර්ශනයක් කරල කරපු හොරකං එලිදරව් කරල ඒ ධනය නැවත භාණ්ඩාගරයට ගන්න ඕනෙ. උන්ට දඬුවම් දීල රටේ ඊළඟ පරම්පරාවට පූර්වාදර්ශයක් දෙන්න ඕනෙ.
  • රටේ බලය බෙදන්න ඕනෙ. දෙමළ ඩයස්පෝරාවට මේකට ඇවිත් ආයෝජනය කරන්න නිදහස දෙන්න ඕනෙ. සහජීවනයෙන් වැඩකරන්න ඕනෙ. ජාතිවාදීන්ව පිටුදකින ක්‍රමයක් හදන්න ඕනෙ.

ඔන්න ඕකයි මේ මොහොතෙ තත්වය.

]]>
https://blog.sudaraka.com/2022/03/17/%e0%b6%89%e0%b6%af%e0%b7%92%e0%b6%bb%e0%b7%92%e0%b6%ba%e0%b6%a7-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%b1%e0%b7%92%e0%b6%ba%e0%b6%b8%e0%b7%92%e0%b6%ad-%e0%b6%af%e0%b7%9a%e0%b7%80/feed/ 0 2714
ඩිමොක්‍රසි විසංවා​ද https://blog.sudaraka.com/2020/11/15/%e0%b6%a9%e0%b7%92%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%8f%e2%80%8b%e0%b6%af/ https://blog.sudaraka.com/2020/11/15/%e0%b6%a9%e0%b7%92%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%8f%e2%80%8b%e0%b6%af/#comments Sun, 15 Nov 2020 13:22:58 +0000 https://blog.sudaraka.com/?p=2627 මදකට හිතින් මවාගන්න. ඔන්න එකමත් එක රටක, වන ගහනය බහුල වූ පෙදෙසක අලුතෙන් කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න යෝජනා වෙනවා. මේ කර්මාන්ත ශාලාව ඉදිකරන්නට ඒ ප්‍රදේශයේ වනාන්තර භූමි අක්කර 200ක් කපා එළි කිරීමට අවශ්‍ය වෙන අතර ඒ සඳහා පරිසර ඇගයීම් වාර්තා කැඳවීමක් සිදු කරනු ලබනවා.

මේ වනාන්තර එලි කිරීම නිසා, ඒ ප්‍රදේශයට ආවේණික සත්වයින්ගේ නිජ භූමි විනාශ වන බවත්, ඔවුන්ගේ ආහාර දාමයට සිදුවන බලපෑම නිසා එම සතුන් සදහටම වඳ වී​මේ තර්ජනයකට ලක්වන බවත් පරිසර වේදීන් තම වාර්තාවේ සටහන් කළා. ඊට අමතරව එම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර විනාශ වී නල ළිං සිඳීයාම නිසා ජනතාවට ජල ගැටලු ඇතිවිය හැකි බවත් ඔවුන් වාර්තා කරා.

කොහොම වුනත් මේ කර්මාන්ත ශාලාව ඉදිරිකරොත් එය එම රටට විදෙස් ආයෝජන ලබාගැනීමේ ඉතා මහඟු අවස්ථාවක් බවත්, ඒ හරහා එම ප්‍ර​දේශයේ දස දහසක් රැකියා අවස්ථා ඇති කළ හැකි බවත් එම ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ප්‍රකාශයට පත් කළා. ජනමාධ්‍ය තුළත් වාර්තා වුනේ රැකියා රහිත පෙදෙස් වැසියන් බොහෝ දෙනෙක් මෙම කර්මාන්ත ශාලාවෙන් රැකියා ලබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

කර්මාන්තශාලාව ගැන ගැටලුව නිසා ආණ්ඩුකාරවරයා ඒ ප්‍රදේශයේ බහුතර මතය දැනගැනීමට ඡන්දයක් ප්‍රකාශයට පත් කළා. කර්මාන්තශාලාවට ආයෝජනය කරන ව්‍යාපාරිකයින් කර්මාන්තශාලා​ව හරහා උත්පාදනය වන රැකියා පිළිබඳ පුවත්පත් දැන්වීම් පළකර, රැකියා සඳහා ඉල්ලුම්කරන ලෙස ප්‍රදේශ වැසියන්ගෙන් ඉල්ලා සිටියා. මේ අතර පරිසර සංවිධාන වන සංහාරයට විරුද්ධව හඬ නගමින් ජල මූලාශ්‍ර විනාස නොකරන ලෙසත්, සත්වයින්ගේ නිජ භූමි ආරක්ෂා කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඡන්දය අවසාන ප්‍රතිඵලය ලෙස 51%ක් කර්මාන්ත ශාලාව අවශ්‍ය බව ප්‍රකාශ කිරීම නිසා කර්මාන්ත ශාලාව ඉදිකිරීමට ආරම්භ කළා. දැන් අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

  • බහුතර මතයට ඉඩ දීම නිසා ඡන්දය ලබාදුන් 49%ක ප්‍රජාවගේ මතය නිශේධනය වීම කොතරම් සාධාරණද?
  • එම වනාන්තරයේ ජීවත්වන සතුන්​ගේ අයිතිවාසිකම් හා ඔවුන් පිළිබඳ තීරණ ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට දැනුමක් තියෙනවාද?
  • කර්මාන්තශාලාව ඉදිකිරීමටත් පෙර රැකියා ලබාදෙන බවට කර්මාන්ත/ශාලාවේ හිමිකරුවන් ප්‍රචාරය කිරීම ඡන්දයේ ප්‍රතිඵලට අනිසි බලපෑමක් කරා ද?
  • වනාන්තරය කපා දැමීම නිසා ඇතිවෙන පාරිසරික බලපෑම් ඇතිවීමට තවත් කල්ගත වන නිසා, ජනතාව වැරදි තීන්දුවක් ගත්තා විය හැකිද? (පරිසර බලපෑම පිළිබඳ අවබෝධයක් නොමැති නිසා)

බොහෝ රටවල් සහ ආයතන මෙසේ බහුතර මතය මත පදනම්ව තීරණ ගන්නවා. ලෝකයම දැන් දශක ගණනාවක් මෙසේ ඩිමොක්‍රසිය මත රාජ්‍ය පාලනය කරමින් සිටිනවා. ඒ හරහා ලබාගත් ජයග්‍රහණත් බොහොමයි. පරාජයනුත් බොහොමයි.

පරාජයටනම් බොහෝ උදාහරණ අපේ රටෙන්ම අරගන්න පුළුවන්. අවුරුදු 30කට ආසන්න යුද්ධයත් ඒ හා සමගාමීව ඇදී යන ජාතීන් අතර ඇති යම් යම් විරසකද මේවාට උදාහරණ. බොහෝවිට බහුතරය බලය ලබා දී ඇත්තේ යම් යහපතක් බලාපොරොත්තුවෙන් වූවත්, බලයට පැමිණි අයට රිසිසේ “ආ දැන් ඔයාලා කරගෙන යන්නැයි” කියා ජනතාව පසෙකට වී තමන්ගේ වැඩක් කරගෙන ඉන්නත් පුරුදු වෙලා.

ග්‍රීක දාර්ශනකයෙක් වූ සොක්‍රටීස්නම් ඩිමොක්‍රසිය දකින්නෙ අති අසාර්ථක රාජ්‍ය පාලන ක්‍රමවේදයක් විදිහටයි. ඔහු වරෙක ඇඩිමැන්ටස් නම් තම අනුගාමිකයෙක්ගෙන් මෙසේ විමසනවා

ඔබ නෞකාවක නැගී මුහුදු චාරිකාවක යනවානම්, ඔබ එම නෞකාව හසුරුවන්නට භාර දෙන්නේ කාටද?

ඔබ කැමති ඕනෑම අයෙකුටද? එහෙමත් නැත්තං නෞකා හැසිරවීම ගැන හොඳින් දැනුවත් ඒ පිළිබඳ පළපුරුදු අයෙකුටද?

ඇඩිමැන්ටස් පිළිතුරු දෙන්නේ අනිවාර්යයෙන්ම නෞකා හැසිරවීම පිළිබඳ පලපුරුදු අයෙකුට බවයි. එවිට සොක්‍රටීස් ඇඩිමැන්ටස්ගෙන් පෙරළා විමසන්නේ එසේනම් රටක පාලකයා තීන්දු කිරීමට රටේ ඕනෑම කෙනෙකුට අයිතිය ලබාදීම කොතරම් සුදුසුදැයි කියායි. (ප්ලේටෝගේ The Republic පෝතේ හයවැනි කොට​ස)

මෙවන් තත්වයක් තුළ විවිධ වූ රටවල් ඩිමොක්‍රසියට සමගාමීව සුළුතර මතයද ආරක්ෂාවන ලෙස විවිධ උපක්‍රම යොදා තිබෙනවා. එය විමසන්නනම් මේ සටහනේ ඉඩ මදි. ඒත් මට කියන්නට ඕනෑ වුනේ, බහුතර – සුළුතර නොව නිවැරදි දෙය තෝරාගැනීමට අපි උත්සාහ කළ යුතු බවයි.

ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්!

]]>
https://blog.sudaraka.com/2020/11/15/%e0%b6%a9%e0%b7%92%e0%b6%b8%e0%b7%9c%e0%b6%9a%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%83%e0%b7%92-%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b6%82%e0%b7%80%e0%b7%8f%e2%80%8b%e0%b6%af/feed/ 2 2627
නැරඹිය යුතු වේදිකා නාට්‍ය කිහිපයක් https://blog.sudaraka.com/2020/11/08/must-watch-stage-dramas/ https://blog.sudaraka.com/2020/11/08/must-watch-stage-dramas/#comments Sun, 08 Nov 2020 04:30:44 +0000 https://blog.sudaraka.com/?p=2619 ඔබ “කොලොම්​බො කොලොම්​බො” වේදිකා නාට්‍යය නරඹා තියෙනවද? අවාසනාවකට දැන් ඒ නාට්‍ය වේදිකා ගත නොවුනත්, මීට අවුරුදු අට නවයකට පෙර ඒ වේදිකා නාට්‍යය ලංකාවේ වේදිකා නාට්‍යවලට එකතු කරේ අමුතුම ජවයක්. මේ වේදිකා නාට්‍යයේ වීඩියෝවක්වත් දැන් සොයාගන්න​ට නැහැ. වේදිකා නාට්‍ය ගැන ඉගෙනගන්න අය වෙනුවෙන් සිංහබාහු, මනමේ නැවත නැවතත් නිෂ්පාදනය වෙද්දි, සාපේක්ෂව මෑත කාලයේ නිෂ්පාදනය වූ වේදිකා නාට්‍යයක් වේදිකාවෙන් ඉවත්ව යාම ශෝකය​ට කරුණක්.

මේ වේදිකා නාට්‍යයෙන් පසුව, එතරම් ජවසම්පන්න නාට්‍යයක් නොදැක්ක තරම්. වේදිකා නාට්‍යයක්ම ​නොවුනත් මෑතකදී ප්‍රදර්ශනය වූ “ගෝඨයිම්බර කෝලම”ත් සෑහෙන්න හොඳ නිර්මාණයක්. එයත් දැන් ප්‍රදර්ශනය වන්නේ නැහැ. හැබැයි YouTube වීඩියෝවක්නම් හොයාගන්න පුළුවන්.

ගෝඨයිම්බර කෝලම නිෂ්පාදනය කරන්නේ ඩෙනිස් පෙරේරා. ශ්‍රී ලංකාවෙ ශාන්තිකර්ම පිළිබඳ මැනෙවින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵල වෙන්නට පුළුවන් මේ නාට්‍යය. සාමාන්‍ය පෙළ කාලෙ “නාට්‍ය හා රංග කලාව” ඉගෙනගත්තාට පස්සෙ මේ වෙනකොටනම් කෝලම්, ශාන්තිකර්ම, නාඩගම් ගැන මගේ දැනුම දුර්වලයි. ගෝඨයිම්බර කෝලම නැරඹුවාට පස්සෙනම් නැවත ඉගෙනගන්න හිතුනා.

පළමු කොරෝනා වටයෙන් පස්​සෙ, ලංකාවෙ මිනිස්සු ආයෙමත් වේදිකා නාට්‍ය බලන්න පුරුදු කරවන්න ටවර් හෝල් පදනමෙන් සංවිධානය කරා “ප්‍රේක්ෂා” කියල නාට්‍ය උළෙලක්. මේකෙදි පරණ වගේම අලුත් වේදිකා නාට්‍ය රැසක් ප්‍රදර්ශනය වුනා. මිනිස්සුත් සෑහෙන්න ආවා. ඒක බොහොම සතුටට කරුණක්. මං “ප්‍රේක්ෂා” ගි​යේ නැරඹිය යුතුම නාට්‍ය තුනක් බලන්න. ඒ, චාමික හත්ලහවත්තගේ නාට්‍ය තුනක්.

මුලින් කියපු නාට්‍ය වලට පස්සෙ මට බලන්නට ලැබුන හොඳම වේදිකා නාට්‍ය තුන තමයි “මකරට”, “රජා මං වහලා” සහ “බෝම්බයක් ඉතුරුයි” නාට්‍ය. වේදිකා නාට්‍ය සහ රංගනය පිළිබඳ මැනෙවින් කරන ලද පර්යේෂණවල යොදාගැනීම් මේ නාට්‍යවල ඇතැයි බැලු බැල්මටම කියන්නට පුළුවන්. ඒ නාට්‍ය වල ඇති ජවසම්පන්න බව නිසා, අලුතෙන් වේදිකා නාට්‍ය බලන්නට උනන්දුවක් දක්වන අයටත් බොහොම සුදුසුයි.

වේදිකා නාට්‍ය තුනේ තේමාව සමාන වුනත්, මේ තුනම වෙන වෙනම රස විඳින්නට පුළුවන්. යුද්ධය අවසන් වෙලා වසර එකොළහකට ආසන්න කාලයක් ගතවුනත්, ඉතිහාසයට ​මේක බොහොම පොඩි කාලයක්. අපි තවම යුද ජයග්‍රහණය සමරමින් අපිට ඇති අනෙකුත් ප්‍රශ්න අමතක කරමින් හෝ මග හරිමින්, තවත් පොදු සතුරෙක් සොයාගනිමින් ඉන්න කාලයක් මේ. ඔ​බේ දේශපාලන පක්ෂපාතීත්වය මොකක් වුනත්, මේ වේදිකා නාට්‍ය නරඹා හැකි පමණින් කල්පනා කරන්නට මා ආරාධනය කරනවා. මේ නාට්‍ය ආයෙ ආයෙමත් පෙන්නුවොත් ​​​හොඳයි.

​මේ අතර විශේෂ සටහනක් කර යුතු වේදිකා නාට්‍යයක් තියෙනවා. “මෙය තුවක්කුවක් නොවේ” වේදිකා නාට්‍යයත් ආයෙ වේදිකාගත වෙනවනම් කැමතියි. ඒ අතර මට මඟහැරුන – ඔබට හමුවුන වේදිකා නාට්‍ය මොනවද?

ඊළඟට සටහනක් ලියන දිනයක නැවත හමුවෙමු.

ඡායාරූප ලබාගත් තැන්

]]>
https://blog.sudaraka.com/2020/11/08/must-watch-stage-dramas/feed/ 12 2619
සතියේ සටහන – ඔක්තෝබර් තිස් වෙනිදා https://blog.sudaraka.com/2020/10/30/30/ https://blog.sudaraka.com/2020/10/30/30/#comments Fri, 30 Oct 2020 15:49:40 +0000 https://blog.sudaraka.com/?p=2614 ඉතින්, ආයුබෝවන්. ​අඩපණ වෙලා තිබුන බ්ලොග් එක ආයෙමත් හදල ගන්න සෑහෙන කාලයක පටන් අවශ්‍ය වෙලා තිබුනත්, විවිධ වැඩ රාජකාරි නිසා හැමදාම පස්සට ගියා. මං හිතන් ඉන්නෙ ආයෙමත් ලිවිල්ල පටන්ගන්න. මොනවන් විශේෂ දෙයක් ගැන නෙවෙයි, ඔහේ ලියන්න.

පරණ සටහන් දිහා බලාගෙන යද්දි, මං මේ අවුරුද්දටම මුකුත් ලියලා නෑ. එතකොට මේ මසේ විස්සයි විස්සෙදී ලියවෙන පළමු ලියවිල්ල. ඒ ලියවෙන්නෙත් අවුරුද්ද අවසානයේදී. බලමුකෝ ඒකෙත් හැටි.

රස්සාව විදිහට පරිගණක සහ කේත අතර ඔට්ටු වෙනකොට ලියන්න දෙයක් හිතාගන්න අමාරුයි. ඉංග්‍රීසියෙන් වැඩ කරනකොට සිංහල අමතක වෙන ගතියක් තියෙනවා වගේම, සිංහලෙන් වැඩ කරනකොට ඉංග්‍රීසිත් අමතක වෙන ගතියක් තියෙනව. මේකට විසඳුමක් නැද්ද?

මේ ළඟදි අලුත් වැඩක් කරා. ඒ මගේ පාසල් කාලයේ මිතුරෙක් වෙන රේවියන් අලුතෙන් පටන්ගත්තු “අදිකාරම් සිතුවිලි” පොඩ් කාස්ට් එකේ දෙවෙනි එපිසෝඩ් එකට මගේ සත දෙක එකතු කරපු එක. ඉස්සරහටත් ඒ පොඩ් කාස්ට් එකට ඉඩ ලැබෙන විදිහට සම්බන්ධ වෙන්නට හිතාගෙන ඉන්නවා. කැමතිනං අහල බලන්න.

අපි ඒකෙත් කතාවෙන්නෙ නෙට්ෆ්ලික්ස් වාර්තා වැඩසටහනක් ගැන. ඒක තමයි The Social Dilemma. සමාජ මාධ්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ආක්‍රමණය කරමින් ඉන්නෙ කොහොමද කියල සරල හැදෑරීමක්. සමහරවිට මේ දේවල් අපි දැනටමත් දැනගෙන ඉන්නවා වෙන්න පුලුවන්. ඒත් තාක්ෂණය ක්‍රමක්‍රමයෙන් මිනිස් ජීවිත ආක්‍රමණය කරමින් සිටිනා බව දැනගෙන සිටීම වැදගත්.

පළවෙනි උපාධිය SLIIT එකෙන් ගත්තාට පස්සෙ මං උත්සාහ කරා ආයෙ ඉගෙනගන්න. Msc එකක්, MBA එකක් කරන්නත් පටන්අරගෙන නවත්තල දැම්මා. විෂයන් රසවත් වුනා​ට ඒව ඉගෙනගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙන නිසා, විශේෂයෙන්ම 80% පැමිණීම වගේ දේවල් නිසා, ඒව තාවකාලිකව නවත්තල දැම්මා. ඉගෙනීම කරන්න ඕනෙ ආතල් එකකට මිසක් තවත් ආතතිය ඇති කරගන්න නෙවෙයිනෙ.

ඒක නිසා මං හොයාගත්තා විකල්ප උපාධියක්. ඒ, සිංහල ශාස්ත්‍රපති උපාධියක්. විභාග වලින් සමත් වීම කෙසේවෙතත්, සති අන්තයේ එක දිනයක කලාව, සිංහල භාෂාව ගැන දේශන අසා සිටීම, සතියෙ අනිත් දවස් හයේ මහන්සිය මකන වෙනමම ආතල් එකක්.

මට හිතෙන දෙයක් තමයි දැන් ලංකාවෙ ශාස්ත්‍රීය අධ්‍යාපනය බිඳ වැටෙමින් තියෙන බව. ඒක නිසා අන්තිමේ ලංකාවෙ ඉතුරු වෙන්නෙ සමාජය දේශපාලනය නොදත්, අනෙකා පිළිබඳ Empathy නැතිවුන, ව්‍යාපාරිකයන්ට සහ වැඩවසම්වාදී පවුල්වල අනසකට යටත් වුන, දීන ඉංජිනේරුවන් – වෛද්‍යවරුන් සහ කුලී සේවකයන්.

ඒක නිසා මිනිසාගේ වටිනාකම නොදත්, තමන් වෙනුවෙන් නීති සම්පාදනය කරගැනීමට නොදත්, ජාතිවාදය වෙතම ඇදෙන මිනිසුන් පිරිසක් ඇතිවීම වැලැක්වීමට අපහසු කාරණයක් වී අවසානයි.

දැනට මේ ඇති. ඊළඟ සතියෙදී ආයෙ මුනගැහෙමු. අලුතෙන් යමක් බලන්න කැමතිනම් The Boys ​හොයාගෙන බලන්න. මරු.

]]>
https://blog.sudaraka.com/2020/10/30/30/feed/ 6 2614
කම්පා නොවන් මහමායා! https://blog.sudaraka.com/2019/01/12/%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f/ https://blog.sudaraka.com/2019/01/12/%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f/#respond Sat, 12 Jan 2019 17:00:49 +0000 https://blog.sudaraka.com/?p=2541 ඉතින් කොහොමද? චරිත අතලගේ මේ ළඟදි නිකුත් කරා සින්දුවක්. සින්දුව කියන්නෙ සුපුන් පෙරේරා. සින්දුව ලියල තියෙන්නෙ චන්ද්‍රසේන තලංගම. නම තමයි කම්පා නොවන් මහාමායා. මුල්ම පාර අහද්දි නිකන් නුහුරුයි වගේ දැනුනට, ටිකක් වෙලා අහද්දි සින්දුව අල්ලලා ගියා. පස්සෙ තව තව අහද්දි තමයි තේරුම මොකක්ද කියල හිතාගන්න පුළුවන් වුනේ.

සින්දුව තවම අහන්න ලැබුනෙ නැද්ද? (සිරාවටම?) එහෙනම් මේ තියෙන්නෙ සින්දුව සහ ගී පද. සියළු හිමිකම් ඒ ගීතයේ සහ ගී පද වල අදාළ හිමිකරුවන් සතුයි. ඔබට මේ ගීතය චරිත අතලගේගේ වෙබ් අඩවියෙන් මිළදී ගන්න පුළුවන්.

https://www.youtube.com/watch?v=MYXu6tcvf0c

නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා
පුතුනූ අපේ, හැරදා ගියේ යශෝදරා හා බිළිදු පුතා…
කම්පා නොවන් සඳ මහමායා…
කුමාරයා හැරදා ගියා…
තුන්​ ලෝ උතුම් බුදු පදවි පතා…
කුමාරයා, හැරදා ගියා…

මහමායා… (කම්පා නොවන්)
මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

මහමායා… (කම්පා නොවන්)
මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

මහමායා… (කම්පා නොවන්)
කම්පා නොවන් මහමායා..

රුදු සසර ගිනී
බුදු ඇසට පෙනී
ගිනි නිවන මෙනී
වැසි වසිනු වැනී

අඩුවක් වුනාදෝ ජීවිතේ
ඉසුරින් පිරී මේ මාළිගේ..
ගැටුමක් ඇතැයි සිතුනා සිතේ
හැරදා ගියේ ඇයි මාළිගේ

සදහම් අමා වැහි හෙළනා රඟේ…
නොසැලී බලන් මහාමායා…
සසරින් මිදී පුතු වඩිනා රගේ…
නොසැලී බලන් මහමායා…

මහාමායා (රුදු සසර ගිනී)
මාහාමයා (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
මහමායා… (වැසි වසිනු වැනී)

මහාමායා (රුදු සසර ගිනී)
මාහාමයා (බුදු ඇසට පෙනී)
කම්පා නොවන් (ගිනි නිවන මෙනී)
මහමායා… (වැසි වසිනු වැනී)

සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වෙලා ආසන්න වශයෙන් අවුරුදු දෙකකට පස්සෙයි කිඹුල්වත්පුරයට වැඩම කරන්නෙ. අපි සාහිත්‍යයේ කොතැනකවත් අහල නැති සුද්ධෝදන රජතුමාගෙ මේ මහමායා දේවිය ඇමතීම කියන්නෙ වෙනස්ම කතාවක් කියල මට හිතුන.

දෙමව්පියන් තමන්දගෙ ​දරුවන් කුඩා කාලෙ ඉඳල හදන්නෙ ගොඩක් බලාපොරොත්තු තියාගෙන. මේ දරුව අනාගතයෙ ඉංජිනේරුවෙක්, වෛද්‍යවරයෙක් කරන්න, එහෙමත් නැත්තං සමහරවිට තමන්ගෙ ළමය තමන්ගෙ ව්‍යාපාරය ඉදිරියට ගෙනියයි කියල බලාපොරොත්තු තියාගෙන ඉන්​න කොයිතරම් දෙමව්පියන් ඇත්ද?

සුද්ධෝදන රජතුමා​ට සිද්ධාර්ථ කුමාරයා ගැන තිබුනෙත් ඒ බලාපොරාත්තුවම තමයි. තැන් තැන්වල රාජධානි විදිහ​ට කැඩිල තිබුන ඉන්දියා අර්ධද්වීපය එක්සේසත් කරල සක්විති රජකම ගනියි කියන බලාපොරොත්තුවෙන්, කිසිම දුකක් නොදී කිසිම අතුරු ආන්තරාවක් නොවෙන්න කරපු දේවල් ආයෙමත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේද?

ඒත්, සිද්ධාර්ථ කුමාරයාත් තමන්ගෙ අරමුණ වෙනුවෙන් සියල්ල හැරදාලා යන්න තීරණය කළා. මේ කියවෙන්නෙ, සුද්ධෝදන රජතුමා වගේම නූතන කාලයේ දෙමව්පියන් ගැන කියලයි මගේ හැඟීම. මේ ගීතයත් තමන්ගෙ අරමුණු වෙනුවෙන් දෙමව්පියන්ගෙ බලාපොරොත්තු පසෙකලා උඩුගං බලා​​ගෙන යන්නෙක් ​ගැන වෙන්නට බැරිද?

කොයිතරම් බලාපොරොත්තු කඩ කරත්, කම්පා නොවෙන්නයි මහමායා ​දේවියගෙන් ඉල්ලා සිටීමම, දෙමව්පියන්ගේ කවදාවත් වෙනස් නොවෙන අසීමිත ආදරය නොවෙයිද? සමහරවිට ඔබත් තමන් හරි කියල හිතෙන පාරෙ යනව ඇති. දෙමව්පියන්ගෙ බලාපොරොත්තු කඩ කරනව ඇති. ගැටුම් ඇතිවෙනව ඇති. ඒත් මේ බැඳීම සසර ගමන ඉවරයක් වෙනකන් තියේවි.

]]>
https://blog.sudaraka.com/2019/01/12/%e0%b6%9a%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f-%e0%b6%b1%e0%b7%9c%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%84%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f/feed/ 0 2541
ඔබත් කූඹියෙක්ද? https://blog.sudaraka.com/2017/09/30/%e0%b6%94%e0%b6%b6%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%96%e0%b6%b9%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/ https://blog.sudaraka.com/2017/09/30/%e0%b6%94%e0%b6%b6%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%96%e0%b6%b9%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/#comments Sat, 30 Sep 2017 10:06:57 +0000 http://blog.sudaraka.com/?p=2497 කූඹියෙක්ද කියල ඇහුවම මේ දවස්වල ඕනෙ කෙනෙක්ට තේරුම්ගන්න පුලුවන් මේ ලියන්න හදන්නෙ මොකක් ගැනද කියල. සාමාන්‍යයෙන් මම සිංහල ටෙලි නාට්‍ය ගැන ලියලාම නැති තරම්. ඒකට හේතුව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයිනෙ. මම සිංහල ටෙලි නාට්‍ය බලන්නෙ නෑ.

සිංහල ටෙලි නාට්‍ය නොබැලුවත්, අතරින් පතර කාමරයට ඇහෙන සිංහල ටෙලි නාට්‍ය වලින් ලැබෙන්නේ බොහොම අමිහිරි අත්දැකීමක්. ඒ අතරෙදි ෆේස්බුක් එකේ එහෙන් ම‍ෙහෙන් දකින්න ලැබුන කූඹියෝ නාට්‍ය ගැන මට හිතුනෙ ඒකත් අනිත් නාට්‍ය වගේම වෙයි කියල. ඒ කොහොම වුනත් මටත් නිකමට වගේ කූඹියෝ බලන්න හිතුන.

පළවෙනි  දෙවෙනි කොටස් බලද්දි සෑහෙන්න වෙනසක් දැනුනත්, මුලින්ම කූඹියෝ ගැන ආව අදහස වුනේ මේකත් තවත් එක ඊනියා “රැඩිකල්” කලා කාරයෙක්ගෙ මොකක්හරි බම්බුවක් යහපාලනේ පිහිටෙන් අයි ටීන් එන් එකට දාගත්ත නාට්‍යයක් කියල. මොකද දන්න කාලෙක ඉඳල අපි අයි ටී එන් එකෙන් කිසිම ගුණාත්මක දෙයක් දැකල නෑ.

ඒත්,

එන්න එන්න කතාව හොඳ අතට හැරෙන්න පටන්ගත්ත. එක පුද්ගලයෙක් දෙන්නෙක් වටේ කතාව ගෙතිල තිබුනට අනිත් පොඩි පොඩි චරිත කරන නළු නිළියොත් තමන්ගෙ උපරිමයෙන්ම රංගන දායකත්වය දෙද්දි ඊළඟ කොටස් බලන්න පුලුම ආසාවක් දැනුන. ලංකාවෙ ටෙලි නාට්‍ය ගැන බලාපොරොත්තු අත ඇරල තිබුන වෙලාවක මේක නිකන් මැජික් එකක් වගේ.

ශ්‍රී ලංකා සමාජයේ හැමදාම දකින්නට ලැබෙන බොරු ආටෝප වලට සියුම්ව සහ කලාත්මකව පහර ගහන මේ වගේ කලා නිර්මාණයක් ඇත්තටම අගය කරන්න ඕනෙ. ඒ අතරෙම බොහොම සීරියස් සංවේදී දෙවල් එක්ක හැමිණෙන්න නොයා කතාවට අදාළ රසයත් ප්‍රේක්ෂකයට ගේන්න උත්සාහ කරන එක දැක්කම කියන්න පුලුවන් මේක හරිම බැලන්සඩ් වැඩක්!

ඒකම තමයි සාමාන්‍යයෙන් රෑ 8ට ටෙලි නාට්‍ය බලන ඕනෙම මනුස්සයෙක්ට ඕනෙ කරන්නෙත්. අහස පොළොව ගැටලන්න උභතෝකෝටික ප්‍රශ්න ඔළුවට දාන්නෙ නැති, තමන්ගෙ ගෑනි, අල්ලපු ගෙදර මනුස්සය, පාරෙ මුනගැහෙන මනුස්සයව සැක කරන්න පුරුදු කරන්නෙ නැති, මන්තර ගුරුකම් වලින් ඕනෙ ප්‍රශ්නයක් විසඳන්න පුලුවන් වගේ මිථ්‍යා කතා කියන්නෙ නැති, ගැහැනියක්ව ළඟ තියාගෙන මුළු ලෝකෙම ගෑනුන්ගෙ වැරදි නොකියන සරලව විඳින්න පුළුවන් කතාවක්!

ඉතින් දැන් ඇති නේද කට්ටියව මුරුංග අත්තෙ තිව්ව?

මං හරිම ආසයි මේ ටෙලි නාට්‍යයේ සංගීතය තව ටිකක් තීව්‍ර වුනානං. ඔව්. මුළු ටෙලි නාට්‍යය පුරා එකම තේමා වාදනය නොයව වෙනස් වෙනස් වේරියේෂන්ස් තිබ්නං මේක මියුසික් අතිනුත් තව සිරා වැඩක් කරන්න තිබුන. ඇත්තටම ඒක විතරයි මට අවුලකට තියෙන්නෙත්. මියුසික් නරකයි නෙවෙයි. මං කියන්නෙ තව ටිකාක් විතර දියුණු වෙන්න තිබ්බනං කියල!

ඒ එක්කම මං බලාපොරොත්තු වෙනව ටෙලි නාට්‍යය වෙළඳ දැන්වීම් වලින් ගිලගන්නෙ නැතිවෙයි කියල… ඔව්. සල්ලි ඕනෙ තමයි. ඒත් අතරින් පතර දිගට හරහට දැන්වීම් බලන්න වුනොත් සියුම් storyline වලින් ප්‍රේක්ෂකයො ගැලවෙන්න පුලුවන්. සල්ලි හොයන්න තව පාරවල් විදිහට YouTube දාන්න, Original DVD එකක් එලියට දාන්න. ඊට අමතරව නාට්‍ය Merchandise කරන්නත් උත්සාහ කරල බලන්න පුලුවන්!

ඉතින් මේ සිරා වැඩේට, කූඹියෝ නාට්‍යයේ නිශ්පාදක අසංක දොඩන්තැන්නට, අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නට, සංගීත අධ්‍යක්ෂක අචල සොලමන්ස්ට, ඡායාරූප අධ්‍යක්ෂක Striner Macklain Adamsට (නම සිංහලෙන් කියන්න දන්නෑ!), සංස්කාරක දමිත චන්ද්‍රසිරිට වගේම අනෙකුත් වැදගත් කාර්ය මණ්ඩලටම සහ නළු නිළි සේරම අපි සුබ පතමු වැඩේ හොඳට කරගෙන යන්න!

—

සේයා රූ ලබාගත්තෙ කූඹියෝ නිල ෆේස්බුක් පිටුවෙන්!

]]>
https://blog.sudaraka.com/2017/09/30/%e0%b6%94%e0%b6%b6%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9a%e0%b7%96%e0%b6%b9%e0%b7%92%e0%b6%ba%e0%b7%99%e0%b6%9a%e0%b7%8a%e0%b6%af/feed/ 4 2497
අපි වරද්දගන්න තැන. https://blog.sudaraka.com/2016/05/11/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1/ https://blog.sudaraka.com/2016/05/11/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1/#comments Wed, 11 May 2016 17:10:56 +0000 http://blog.sudaraka.com/?p=2454 රජයේ විශ්වවිද්‍යාල වලට යන හැමෝම රැග් කරන අය නෙවෙයි. ඒ වගේම ප්‍රයිවෙට් කැම්පස් යන හැමෝමත් මෝඩයෝ නෙවෙයි. උසස් පෙළ පාස් වුනා කියල ඌ මේ ලොකෙ ඉන්න ලොකුම බුද්ධිමතත් නෙවෙයි. උසස් පෙළ ෆේල් වුනා කියන්නෙ ඌ මේ ලෝකෙ වැඩ බැරි හරකෙකුත් නෙවෙයි. පොලීසියේ ඉන්න හැම එකාම පගා ගන්න උනුත් නෙවෙයි.

හැබැයි අපි මේ වෙනකොට හැම එකාවම ජෙනරලයිස් කරගෙන. දෙගොලෝලො දෙපැත්තට වෙලා ගහගන්න වෙලාවෙ බදු වැඩිවෙලා, කැලෑ වල ගස් කපලා, උෂ්ණත්වය අංශක 40ට නැගලා.

මේ වෙනකොට ජනාධිපතිතුමාට තියෙන ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ රටට කෙලවෙලා ගියත් තමන්ගෙ බලය පක්ෂයේ තහවුරු කරගන්න එක. හිටපු ජනාධිපතිට තියෙන ලොකුම ප්‍රශ්නෙ මෛත්‍රීට කෙලවන එක. පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රීලට තියෙන ලොකුම ප්‍රශ්නෙ මහින්දට ආරක්ෂාව සලසන එක. ජවිපෙට තියෙන ලොකුම ප්‍රශ්නෙ දිවයින පත්තරේට කොහොමහරි කෙලවන එක. රනිල්ට තියෙන ප්‍රශ්නෙ කොහොමහරි තව අවුරුදු තුනක් ෂේප් එකේ ආණ්ඩුවත් රැකගෙන, ඊළඟ ඡන්දෙන් ආයෙ එජාපය දිනවගන්න.

රටේ ජනතාව රටටම පොදු ප්‍රශ්න ගැන කතා කර කර වෙලාව නාස්ති කර කර ඉන්න අතරෙ, රටේ ප්‍රශ්න ගැන හිතන්න ඕනෙ එවුන් තමන්ගෙ බලය රැකගන්න එකට තියෙන බලපෑම් ගැන හිත හිත වෙලාව නාස්ති කරනවා.

මේක වෙන්න ඕනෙ අනිත් පැත්තට නේද?

]]>
https://blog.sudaraka.com/2016/05/11/%e0%b6%85%e0%b6%b4%e0%b7%92-%e0%b7%80%e0%b6%bb%e0%b6%af%e0%b7%8a%e0%b6%af%e0%b6%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1/feed/ 3 2454
චයිනමන් – ප්‍රදීප් මැතිව්ගේ ක්‍රිකට් ප්‍රවාදය https://blog.sudaraka.com/2015/06/22/chinaman-sinhala-translation-dileepa-abeysekara/ https://blog.sudaraka.com/2015/06/22/chinaman-sinhala-translation-dileepa-abeysekara/#comments Mon, 22 Jun 2015 14:47:35 +0000 http://blog.sudaraka.com/?p=2431 chinamn

සිංහල පොතක් කියවපු කාලයක් මතක නෑ. මතකෙ තියෙන අන්තිම පොතත් කුරුළු හදවත. පොතක් පිළිබඳ රෙකමදාරු අහන අහන තැන නිතරම කියවුන පොතක් තමයි ෂෙහාන් කරුණාතිලකගේ චයිනමන්. පොත ලියැවිලා තිබුනේ ක්‍රිකට් ගැන කියල දැනගන්න ලැබුනත් මගේ ක්‍රිකට් දැනුම මදිකම නිසා පොතේ නමයි ක්‍රිකට් ගැහිල්ලයි අතර සම්බන්ධය ගලපගන්න බැරුවයි හිටියේ.

ඔය අතරෙ තමයි අහන්න ලැබුනෙ පොත සිංහලට පරිවර්තනය වෙලා කියල. පොත පරිවර්තනය කරන්නේ මම කැමතිම සිංහල සිංදුවක පද රචක. කැමතිම සිංදුව තමයි “ඇරඹුමම කඳුලක් වෙලා“. පද රචක තමයි දිලීප අබේසේකර. මේ සටහන පොත පිළිබඳ විචාරයක් නෙවෙයි. හැඳින්වීමක් වගේ එකක්. පොත ගැන දැනටමත් බොහෝ ලිපි අන්තර්ජාලයේ ඇති නිසා මම මුහුන දෙන පළවෙනි ගැටලුව තමයි පොත ගැන මට අලුතෙන් මොනවද ලියන්න තියෙන්නේ කියන එක.

මුලින්ම කියන්න ඕනෙ පොතේ අකුරු පොඩියි. ඒක සමහර වෙලාවට රසවත් කියවීමකට ලොකු බාධාවක් කියලත් හිතෙනවා. ඒක නිසා වෙන්න ඇති මට තවමත් පොත කියවලා ඉවරයක් කරන්න බැරි වුනෙත්. 😛 අකුරු පොඩි වුනත් කතාව නම් රසවත් කියල තේරුනේ කතාවෙ මුල් අර්ධය කියෙව්වාම. ඒත් මුලින් රහට දැනෙන, ඒත් පොතේ මැද හරියක් වෙද්දි මෙලෝ රහක් නැති වෙන සිංහල පොත් කියවලා හොඳ පළපුරුද්දක් තියෙන නිසා මේක කොහොමවෙයිද කියලා කියන්න බෑ දැන්ම.

ඒත් එක අතකට පොත අරන් තියෙන සම්මාන ගොඩ බැලුවමනම් එහෙම අපේක්ෂා භංගත්වයට පත්වෙන්න ලැබෙයි කියලා හිතන්නත් බෑ තමයි. ලංකාවෙ ඉංග්‍රීසි පොතකට ලැබෙන ලොකුම සම්මානෙ, ඒ කියන්නෙ ග්‍රේෂන් සම්මානය ලැබෙන්න නම් එක්කො ඒ වෙනකොට සම්මානෙ දෙන්න වෙන පොතක් තිබිල නෑ. එහෙම නැතිනම් මේක තමයි සිරාම පොත. ඒත් කියවපු ටිකේ දැනුන රහ අනුව නම් මම වුනත් ඒ සම්මාන මණ්ඩලේ හිටියනම් ඉතිරි ටික නොකියවාම සම්මානෙට නිර්දේශ කරන්න තිබුනා.

ඔරිජිනල් පොතේ හිමිකාරයා ෂෙහාන් කරුණාතිලකනම් මට අලුත්. ඒ වගේම ඔනෙම පරිවර්තනයකදී ලිඛිත භාෂාවට එහා දේවලුත් පරිවර්තනය වෙනවා. පොතේ මුල් භාෂාවට අදාළ සංස්කෘතිය පරිවර්තන භාෂාවත් එක්ක ගැලපෙන්නෙ නැත්තන් පරිවර්තන කෘතියක් කියවල ආතල් එකක් ගන්න අමාරුයි. ඒත් කතාව ලංකාව වටේ ලියවුන එකක් නිසත්, ක්‍රිකට් කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ඇඟේ තියෙන දෙයක් (වෙන මැච් නොබැලුවත් අඩුගානෙ ලංකාව තේරෙන ෆයිනල් හරි බලන) නිසත් ඉංග්‍රීසියෙන් සිංහලට කතාව පරිවර්තනය වෙද්දි, මේක පරිවර්තනයක් ය කියල හිතාගන්නවත් බැරිතරම් පරිවර්තනය නැවුම්. එහෙනම් ඉතින් ඒකෙ ගෞරවය දිලීප අබේසේකරට දෙන්න ඕනෙ.

පොත තවම කියවලා ඉවර නෑ. මොකද කියන්නෙ? ඉතිරි ටිකත් කියවන්නද? එපාද? 😛

පසු ලිවීම:
පොත අරගන්න හිතනවානම් ටකස් එකෙන් ගෙදරට ගෙන්නගන්නත් පුලුවනි. 😉

…..

ගිහින් එන්නම්. සෙස්ස පස්සට. 🙂

]]>
https://blog.sudaraka.com/2015/06/22/chinaman-sinhala-translation-dileepa-abeysekara/feed/ 4 2431